ඩෙංගු මර්දන පළමු දිනයේ පරිශ්‍ර රැසක් කොටු වෙයි. රාජ්‍ය ආයතන, පාසල්, නිවාස සිය ගණනකට රතු නිවේදන හා නඩු..
Tuesday, 09 June 2026 - 17:30 | Views - 71
ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිකුත් කළ දත්තවලට අනුව පාසල් සහ ඉදිකිරීම් බිමි වැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනය වන ඊයේ පරිශ්‍ර 31,196 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, නිවාස 28,230 ක් සහ පාසල් 56 ක් එහිදී පරීක්ෂාවට ලක් කළ බවයි.

එහිදී ඩෙංගු කීටයින් බෝවන ආකාරයට පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවාස 974 කට අවවාදාත්මක දැනුම් දීම් සිදු කර ඇති අතර නිවාස 657කට නීතිමය පියවර ගෙන තිබුණා.

රාජ්‍ය ආයතන 189ක් පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් ආයතන 50කම ඩෙංගු මදුරු කීටයින් හමු වී තිබුණා.

එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 70ක් ද හඳුනාගෙන ඇති බව සඳහන්.

පරික්ෂාවට ලක්කළ ආගමික ස්ථාන 96 ක් අතරින් ආගමික ස්ථාන 18කම ඩෙංගු මදුරු කීටයින් හමු වී තිබුණු අතර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 42ක් හඳුනාගෙන තිබුණා.

ඊයේ දිනය තුළ කර්මාන්ත ශාලා පරිශ්‍ර 77ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 17ක ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top