දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් දැඩි තීරණයක්.. අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Tuesday, 09 June 2026 - 17:08 | Views - 71
වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන් භාවිත කරන ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් ස්මාර්ට් උපාංග හරහා නිරුවත් හෝ අසභ්‍ය දර්ශන නැරඹීම, ඡායාරූප ගැනීම සහ ඒවා හුවමාරු කර ගැනීම අවහිර කරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ඇපල් (Apple) සහ ගූගල් (Google) වැනි ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වලින් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලන්ඩන් තාක්ෂණික සතිය (London Tech Week) අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාමර්, තාක්ෂණික සමාගම් වෙත දන්වා සිටියේ, ළමයින් ලිංගිකමය වශයෙන් පැහැදිලි දර්ශන නැරඹීම හෝ යැවීම වැළැක්වීම සඳහා උපාංගවල දැනටමත් පවතින ආරක්ෂිත විශේෂාංග සක්‍රිය කරන ලෙස හෝ ඒ සඳහා නව මෘදුකාංග යාවත්කාලීන කිරීම් (Software Updates) හඳුන්වා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

"මෙය කළ නොහැකි අභියෝගයක් නෙවෙයි. මේවා ලෝකයේ තිබෙන වඩාත්ම නව්‍යකරණයෙන් පිරිච්ච සමාගම්. මම විශ්වාස කරනවා ඔවුන්ට මේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා," යැයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

තාක්ෂණික සමාගම් ඉදිරි මාස තුන ඇතුළත ස්වේච්ඡාවෙන් මෙම පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ඒ සඳහා ඔවුන්ට බල කෙරෙන නව නීති පැනවීමට රජය කටයුතු කරන බව ද බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබෙනවා.

නීතියට අනුගත නොවන සමාගම්වලට එරෙහිව විශාල මූල්‍ය දඩ පැනවීමට හෝ අවසාන පියවරක් ලෙස සාපරාධී වගකීම් (Criminal Liability) යටතේ නීතිමය පියවර ගැනීමට ද එමඟින් ප්‍රතිපාදන සැලසෙන බවයි එම වාර්තාවේ සඳහන්.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙම වෙනස්කම් බ්‍රිතාන්‍යය තුළ දැනට භාවිත වන මෙන්ම අලුතින් අලෙවි කරනු ලබන සියලුම ස්මාර්ට් දුරකථන සහ ටැබ්ලට් (Tablets) උපාංග සඳහා අදාළ වන බවයි.

මූලාශ්‍රය - බීබිසී
Share This Article
Hiru Tv Blog
"one man art exhibition" කරන්න රන්ජන් සිද්ධ වුණේ ඇයි..? ඔහු මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි...
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top