රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා තවත් ජීවිත දෙකක් මිලින වෙයි.. අකාලයේ මිලිනව ගිය මවක් සහ මල් කැකුළක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..
Tuesday, 09 June 2026 - 16:26 | Views - 100
මේ තවත් එක් සංවේදී කතාවක්.

ජිවීතයේ කිසිම දවසක තමන්ට මේ වගේ අත්දැකීමකට මුහුණදෙන්න වේවි කියලා සුමිත් හිතන්නට නැතුව ඇති. මේ ඔවුන්ගේ පවුලට එක් වෙන තුන්වෙනි දරුවා.

මාස ගණනක් ඒ වෙනුවෙන් හීන මවපු සුමිත්ගේ පවුල අද මව සහ නූපන් මල් කැකුළ වෙනුවෙන් හඬා වැටෙනවා. ඔවුන් ගැන මේ ඇසෙන අනුවේදනීය කතාව සැබවින්ම ශෝකාන්තයක්..

සිය දරු ප්‍රසූතිය සඳහා මහියංගනය මුලික රෝහලට ඇතුළත් කළ මවක සහ අලුත උපන් බිළිඳා ද මිය ගොස් ඇති අතර වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් එම මරණ සිදු වූ බවට පවුලේ ඥාතීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ අසාධ්‍ය තත්ත්වයේ පසු වු මව ගිලන් රථයකින් බදුල්ල රෝහලට යැවීමටද පැය ගණනාවක් ප්‍රමාද කර ඇති බවයි.

මහියංගනය - හසලක අඹගහපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් පසුගිය 25 වනදා මහියංගනය මුලික රෝහලට ඇතුලත් වී ඇත්තේ සිය තෙවැනි දරු ප්‍රසූතිය සඳහායි.

දරුවා බිහි කිරීම සිසේරියන් සැත්කමක් මගින් සිදු කළ යුතු බවට ඇයව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා සටහන් යොදා තිබුන ද සූතිකාගාරයේ සේවය කළ වෛද්‍යවරුන් සාමාන්‍ය ක්‍රමයට දරුවා බිහිකිරීමට කටයුතු කර ඇති බවයි එම කාන්තාවගේ සැමියා පවසන්නේ.

දරු ප්‍රසූතියේදී බිළිඳා මිය යාමෙන් පසු මව වාට්ටුවට ඇතුලත් කරන බව පැවසුවත් අධික රුධිරවහනය හේතුවෙන් ඇයව බදුල්ල රෝහට මාරු කළ යුතු බවටයි වෛද්‍යවරුන් තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ගිලන් රථ නොමැති වීමෙන් අදාල කාන්තාව බදුල්ල රෝහලට යැවීමද ප්‍රමාද වි ඇති බවයි සැමියා චෝදනා කරන්නේ.

කාන්තාවගේ හා බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් මහියංගනය රෝහලේ වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසීමට අප රෝහල් අධ්‍යක්ෂවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වුයේ නැහැ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top