ලොව ප්‍රබල රටවල් ද්විත්වයකට භූ කම්පන දෙකක්.. ඇස් මවිත වන ඒ කතාව මෙන්න..
Tuesday, 09 June 2026 - 14:55 | Views - 52
ලෝකයේම අවදානය දිනාගත් තවත් එක් පුවතක් ගැනයි මේ කියන්න යන්නේ..

ඉරානයේ දකුණු දිග හෝමොස්ගන් (Hormozgan) පළාතේ සර්ගාසෝ (Sargaz) කලාපයට සහ කියුබා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ දකුණු දිග හෝමොස්ගන් පළාතේ සර්ගාසෝ කලාපයට බලපෑ මෙම භූමිකම්පාව රික්ටර් පරිමාණයේ 5.0 ක අගයකින් යුක්ත වී තිබෙනවා.

එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 22 ක ගැඹුරකින් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

මේ අතර, කියුබා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙහි කේන්ද්‍රය සටහන්ව ඇත්තේ පොළොව මතුපිට සිට කිලෝමීටර් 10 ක් තරම් නොගැඹුරු මට්ටමක බව වාර්තා වෙනවා.

මෙම භූමිකම්පා හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගොඩනැගිලි සෙලවී ඇති අතර, ජනතාව කලබලයට පත්ව වීදිවලට පැමිණ ඇති බව ද සඳහන් වුණා.

කෙසේ වෙතත්, සිදුවීම් දෙකෙන්ම මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තහවුරු කරනවා.
Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top