දකුණු කොරියානු දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු වෙයි.. වසර 20කට පසු ජනාධිපති ලී ජේ-මියුන්ග් කළ සුවිශේෂී නම් කිරීම මෙන්න..
ආසියානු කලාපයේ ප්‍රබලතම රාජ්‍යයක් වන දකුණු කොරියාවෙන් එරට සමස්ත දේශපාලන ඉතිහාසයම අලුත් කරන අතිශය තීරණාත්මක සහ සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය විසින් මීට මඳ වේලාවකට පෙර වාර්තා කර තිබෙනවා.
එරට පාලන බලයේ ඉහළම තලයේ වෙනසක් සිදු කරමින් ජනාධිපතිවරයා විසින් ගන්නා ලද එක්තරා සුවිශේෂී තීරණයක් හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ පවා දැඩි අවධානය මේ වන විට කොරියාව දෙසට යොමුව තිබෙනවා.
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් (Lee Jae-myung) විසින් එරට පාලන ව්‍යුහයේ අතිශය වැදගත් සහ ප්‍රබලතම තනතුරක් වන නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා හන් සොං-සුක් (Han Seong-sook) යන ප්‍රකට චරිතය නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
දකුණු කොරියානු දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී කාන්තාවකට මෙවැනි ඉහළම මට්ටමේ වගකීමක් හා තනතුරක් පිරිනැමීමට තීරණය කිරීම සුවිශේෂී ඓතිහාසික සන්ධිස්ථානයක් බව විදේශ විචාරකයෝ පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද මෙම ඓතිහාසික නම් කිරීම ඉදිරි දින කිහිපය තුළදී දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ නිල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
මෙම සුවිශේෂී පත්කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය හිමිවුවහොත්, ඇය වසර 20කට පසු දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පළමු කාන්තාව බවට පත්වේවි.