"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" සුරේෂ් සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්..
Sunday, 07 June 2026 - 18:31 | Views - 92
හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වසර 38ක් පුරාම තමන්ගේ මුළු ජීවිතයම රට වෙනුවෙන් කැප කරමින් සේවය කළ අයෙකු බවත්, ඔහු වෙනුවෙන් නැඟී සිටිමින් කෘතගුණ දැක්වීමට දැන් රටේ ජනතාවට කාලය එළැඹ ඇති බවත් ඔහුගේ බිරිඳ පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින සුරේෂ් සලේ මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති අතර, අද (07) ඔහුව බැලීම සඳහා CIDය වෙත පැමිණි අවස්ථාවේදී ඇය මේ බව මාධ්‍ය වෙත පැවසුවා.

අද පෙරවරුවේ සුරේෂ් සලේ බැලීම සඳහා ඔහුගේ බිරිඳ, පුත්‍රයා සහ සහෝදරයාද පැමිණ තිබුණා.

සිය සැමියා නිවැරදිකරුවෙකු බව කවුරුත් දන්නා බවත්, ඔහුව බලධාරීන් විසින් බිල්ලට දී ඇති බවත් ඇය මෙහිදී චෝදනා කළා.

තවමත් සැකකරුවෙකු පමණක් වන ඔහුට CIDය තුළ ඉතා අමානුෂික අන්දමින් සලකන බව අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවෙන් පවා සනාථ වී ඇතැයි ඇය කියා සිටියා.

"අපි ගොඩක් කතා කරලා බැලුවා එයාගේ හිත වෙනස් කරලා මාරාන්තික උපවාසය නවත්තන්න. නමුත් එයා ඒකට කොහොත්ම කැමති නෑ. එයාට සිදුවන අසාධාරණය වෙනුවෙන් එයා දිගින් දිගටම පෙනී සිටිනවා. විමර්ශන කරන එක ප්‍රශ්නයක් නැහැ, නමුත් මානුෂීය විදිහට සලකන්න ඕනනේ."

"හැමවෙලේම රට වෙනුවෙන් කැප වෙලා හිටපු නිසා අඩුම ගානේ කවදාවත් ළමයෙක්ගේ ඉස්කෝලෙකටවත් යන්න එයාට වෙලාවක් තිබුණේ නැහැ. ඒ වගේ මනුස්සයෙක්ට මෙහෙම කැත විදිහට සලකන එක ඉතාම අසාධාරණයි. මේකට වගකියන්න ඕන කවුද කියලා අපි දන්නවා."

"එයා උපවාසය අතහරින්නේ නැහැ. මොකද එයා කියන්නේ එයා රට වෙනුවෙන් කොහොමත් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක් කියලා. හැමවෙලේම එයා කොන්ද කෙලින් තියන් හිටපු මනුස්සයෙක්. මං එයා ගැන හරිම ආඩම්බර වෙනවා."

සුරේෂ් සලේ පසුවන මානසික හා ශාරීරික තත්ත්වය අනුව ඔහුට හානියක් වීමට මත්තෙන් වහාම ඔහුව රෝහල්ගත කිරීමට වගකිවයුත්තන් පියවර ගත යුතු බව ඇය අවධාරණය කරන්නේ.

"සුරේෂ් රට වෙනුවෙන් එයාගේ මුළු ජීවිතයම කැප කළා වගේ, දැන් මේ ඕගොල්ලන්ගේ අවස්ථාව එයා වෙනුවෙන් නැඟී සිටින්න. ඕගොල්ලෝ දන්නවා කවුද ඇත්ත කියන්නේ කියලා. කරුණාකරලා නැඟී සිටින්න" යනුවෙන්ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top