නිවස ඇතුළේ ඇති වූ බහින්බස්වීම දුරදිග යයි.. හොරණදී බිරිඳක් කළ දරුණු වැඩකින් සැමියා එතැනම ජීවිතක්ෂයට..
හොරණ ප්‍රදේශයෙන් අද (07) දිනයේදී අතිශය කම්පනසහගත හා අවාසනාවන්ත ඝාතන පුවතක් වාර්තා වී තිබෙනවා.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් නිවසක් ඇතුළත සිදු වූ මෙම බිහිසුණු සිදුවීම නිසා 49 හැවිරිදි පුද්ගලයෙකුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා.
සිද්ධිය සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් දැඩි සලිත වීමකට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළා.
හොරණ අරඹකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
එහි පදිංචිව සිටි වයස අවුරුදු 49ක් වූ විවාහක පුද්ගලයා හා ඔහුගේ බිරිඳ අතර නිවසේදී කිසියම් කරුණක් මුල් කරගනිමින් හදිසි ආරවුලක් හටගෙන තිබෙනවා.
මෙම රණ්ඩුව පාලනය කරගත නොහැකි මට්ටමට දුරදිග ගිය අවස්ථාවේදී, උදහසට පත් බිරිඳ විසින් නිවසේ තිබූ තියුණු ආයුධයක් අතට ගෙන සැමියා වෙත එල්ල කළ දරුණු පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.
බිරිඳ විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරය හේතුවෙන් බරපතළ තුවාල ලැබූ සැමියා එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
දැනට මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා සිද්ධිය වූ නිවස තුළම විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ තැන්පත් කර තැබීමටයි කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකාර බිරිඳ අත්අඩංගුවට ගැනීම හා ඝාතනයට හේතුව සෙවීම සඳහා හොරණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වන විට පුළුල් මට්ටමේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.