නිවස පිටුපස සැඟවී සිටි මාරයා දැක්කේ නැහැ.. පොළොන්නරුවේදී තිදරු මවක් දරුණු වන අලි ප්‍රහාරයකට ලක්වෙයි..
පොළොන්නරුව ප්‍රදේශයේ ගම්මානයක අද (07) උදෑසන කාලයේදී සිදුවූ අවාසනාවන්ත හා බිහිසුණු සිදුවීමක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි සලිත වීමකට පත්ව තිබෙනවා.
නිවසේ දෛනික කටයුත්තක් සඳහා ගිය වයෝවෘද්ධ මවක්, තමන් අසලම රැක සිටි බිහිසුණු අනතුරක් පිළිබඳව කලින් හඳුනා නොගැනීම නිසා ඇයව බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබෙනවා.
පොළොන්නරුව, අල්ලගන්විල ඉහළ වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70 ක් පමණ වන මෙම තිදරු මව, අද උදෑසන සුපුරුදු පරිදි සිය නිවස පිටුපස ප්‍රදේශයට ගොස් තිබෙනවා.
ඒ වනවිටත් කිසිවෙකුත් නොසිතූ අයුරින් නිවස පිටුපස වල් අලියෙකු පැමිණ රැඳී සිට ඇති අතර, එය නොදැක එම ස්ථානයට ගිය මෙම කාන්තාව වෙත වන අලියා විසින් ක්ෂණිකව අතිශය දරුණු ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
වන අලි ප්‍රහාරය හේතුවෙන් ශරීරයේ විවිධ ස්ථානවලට බරපතළ ලෙස තුවාල සිදු වූ මෙම අසරණ මව, ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් වහාම අරලගන්විල රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළා.
කෙසේවෙතත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අවදානම් සහගත මට්ටමක පැවතීම හේතුවෙන්, මූලික ප්‍රතිකාරවලින් අනතුරුව වැඩිදුර සත්කාර සඳහා ඇයව පොළොන්නරුව මහ රෝහල වෙත හදිසියේම මාරු කර යැවීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබෙනවා.