මුළු මහත් ලෝකයම දැඩි සෝකයක ගිල්වූ රංගන ශිල්පියාගේ අභාවය.. ඔහු දැක්වූ අමරණීය රංගනය සිනමා ඉතිහාසය තුළ සදාතනිකයි..
ලෝක සිනමා ක්‍ෂේත්‍රය හා ටෙලි නාට්‍ය කලාව උඩුයටිකුරු කරමින්, දශක ගණනාවක් පුරා ලෝකවාසී මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ප්‍රවීණතම බ්‍රිතාන්‍ය රංගන ශිල්පියෙකු වන පැට්‍රික් ගොඩ්ෆ්‍රි (Patrick Godfrey) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හොලිවුඩ් හා බ්‍රිතාන්‍ය සිනමාවේ නොමැකෙන සලකුණක් තැබූ මෙම අසමසම රංගන පෞරුෂයේ සමුගැනීමත් සමඟ සමස්ත කලා ලෝකයම මේ වන විට දැඩි කම්පනයකට පත්ව සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මියයන විට මෙම අද්විතීය කලාකරුවා 93 වැනි වියේ පසුවුණා. වයස්ගත වීමත් සමඟ ඇති වූ සෞඛ්‍ය තත්ත්වයන් මත ඔහු මෙලෙස සිනමා ලෝකයට හා තමන්ට පණ මෙන් ආදරය කළ ප්‍රේක්ෂකයන්ගෙන් සමුගෙන තිබෙනවා.
දිගු දශක කිහිපයක් පුරා ජාත්‍යන්තර රංගන ක්ෂේත්‍රයේ ඉහළම තලයේ රැඳී සිටි පැට්‍රික් ගොඩ්ෆ්‍රි, ලෝක සිනමා ඉතිහාසයේ අතිශය ජනප්‍රිය හා සම්මානනීය නිර්මාණ රැසක් සඳහා සිය විශිෂ්ට රංගන දායකත්වය සපයා තිබෙනවා.
විශේෂයෙන්ම "Ever After", "Les Miserables", "The Count of Monte Cristo" වැනි සුපිරි හොලිවුඩ් සිනමාපට මෙන්ම "Oliver Twist" හා ලෝකප්‍රකට "Doctor Who" වැනි සදාකාලික ටෙලි නිර්මාණ හරහා ඔහු දැක්වූ අමරණීය රංගනයන් සිනමා ඉතිහාසය තුළ සදාතනිකව සටහන් වේවි.