ශ්‍රී ලංකාව ලෝක සිතියමට රැගෙන ගිය ප්‍රමුඛතම ව්‍යාපාරික දැවැන්තයා.. CBL සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි.
Sunday, 07 June 2026 - 14:12 | Views - 113
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ ඊයේ (06) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ අභාවය පිළිබඳව CBL සමූහය දැඩි කණගාටුව පළ කරමින් නිල නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබෙනවා.

වික්‍රමසිංහ සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමට පමණක් නොව, රැකවරණය, අඛණ්ඩතාව හා නවෝත්පාදනය පදනම් කරගත් ප්‍රජාවක් බිහිකිරීම වෙනුවෙන්ද තම ජීවිතය කැප කළ දූරදර්ශී නායකයෙකු වූ බව සිය දිගුකාලීන නායකයා වෙත උපහාර පුද කරමින් CBL සමූහය සඳහන් කර සිටිනවා.

ඔහුගේ විශිෂ්ට නායකත්වය හා දැක්ම හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඉහළ පිළිගැනීමකට ලක්වූ බවත්, ඔහුගේ කරුණාවන්තකම සහ මානුෂීය ගතිගුණ ඔහුව ඇසුරු කළ සැමගේ හදවත් ස්පර්ශ කළ බවත් සමාගම පවසනවා.

"ඔහු තම ජීවිතය කැප කළේ හුදෙක් සමාගමක් ගොඩනැගීමට පමණක් නොව, රැකවරණය, අවංකභාවය සහ නවෝත්පාදනය මුල් කරගත් සමස්ත ප්‍රජාවක්ම නිර්මාණය කිරීමටයි. ඔහුගේ දූරදර්ශී වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සනිටුහන් කිරීමට සමත් වූ අතර, ඔහුගේ කරුණාව සහ මානුෂීයත්වය ඔහුව හඳුනන සැමගේ ජීවිතවලට ආලෝකයක් වුණා" යැයි සීබීඑල් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top