නිල මුද්‍රා, ඉඩම් ඔප්පු, හැඳුනුම්පත් විශාල තොගයක්.. කලක් තිස්සේ පවත්වාගෙන ගිය ව්‍යාජ රෙජිස්ටාර් කාර්යාලයේ පැටිකිරිය එළියට..
Saturday, 06 June 2026 - 13:50 | Views - 45
ඇස් මවිත වෙන මේ කතාව ඇසෙන්නේ බොරැල්ලෙන්..

රුපියල් ලක්ෂ ගණනින් මිනිස්සුන්ගේ මුදල් වංචා කළ මේ ජාවාරම කලක පටන් සරුවටම සිදුවෙලා තියනවා.

ඒ බව සනාථවන ලිපි ලේඛන රැසක් සොයාගැනීමටත් පොලිසිය සමත් වෙලා.

රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන බොරැල්ල එන් එම් පෙරේරා මාවතේ නිවසක කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන හා ජාතික හැඳුනුම්පත් හා ව්‍යාජ වාහන අංක තහඩු සකසන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (05) සවස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ මුදල් හා ව්‍යාජ නිලමුද්‍රා තොගයක් සහ ලිපි ලේඛන සමගයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, එම නිවස තුළ තිබී ව්‍යාජ නිල මුද්‍රා 600ක්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත්ව ඇති මුල් ගොනු 02 ක්, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 04 ක්, ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් විද්‍යුත් උපකරණ, ටයිප්රයිටර්, අපරාධයන් සඳහා යොදාගත් මෝටර් රථයක් යතුරුපැදියක්, රුපියල් ලක්ෂ 15 ක මුදලක් ඇතුළු දේපල රැසක් පොලිස් භාරයට ගෙන තිබුණා.

එම නිල මුද්‍රා අතර රජයේ ප්‍රධාන පෙලේ දෙපාර්තමේන්තුවල නිල මුද්‍රා , සාමාදාන විනිශ්චකාර, නොතාරිස් ,නීතීඥ , විවිධ තනතුරු දරන්නන්ගේ නිලමුද්‍රා ව්‍යාජ ලෙස සකස් කර තිබූ බව පොලිසිය පවසනවා.

පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී සිටි සැකකරුවන් දෙදෙනකු සහ ඔවුන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ..

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54, 55, හා 59අතර පසුවන බොරැල්ල දික්වැල්ල සහ හොරණ පදිංචිකරුවන්.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශනඅංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය...
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top