හොලිවුඩයේ ප්‍රකට නළුවෙකුට අත්වූ ඛේදනීය ඉරණම.. මුළු හොලිවුඩයම හැඬවූ බිහිසුණු පුවත මෙන්න.
Friday, 05 June 2026 - 15:41 | Views - 62
ලෝක සිනමා ප්‍රේක්ෂකයන් මහත් කම්පාවට පත් කරමින්, හොලිවුඩයේ අතිශය ප්‍රකට චරිතාංග නළුවෙකු ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවසේදීම පිහියෙන් ඇන අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.

'Jumanji', 'Top Gun: Maverick' සහ 'Logan' වැනි ලොව පුරා අතිශය ආදායම් වාර්තා තැබූ සිනමා පට හරහා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ ඇමරිකානු නළුවෙකු වන ජේම්ස් හැන්ඩි (James Handy) මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය නිල වශයෙන් වාර්තා කරන්නේ.

මියයන විට 81 වන වියේ පසුවූ මෙම ප්‍රවීණ රංගන ශිල්පියා, ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවස තුළ රැඳී සිටින අවස්ථාවකදී මෙම දරුණු පිහි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මුළු හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයම කැළඹූ මෙම අමානුෂික ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවටයි දැනට සැක කෙරෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සාහසික අපරාධය වෙනත් කිසිවෙකු නොව ඔහුගේම පෙම්වතියගේ පුත්‍රයා විසින් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය වාර්තා වූ සැණින් ක්‍රියාත්මක වූ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් අදාළ ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට සැක කෙරෙන පෙම්වතියගේ පුත්‍රයාව වහාම ක්‍රියාත්මක වී සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර කළා.

මෙම අභිරහස් ඝාතනය සිදුවීමට බලපෑ සැබෑ හේතුව සහ ඒ පිටුපස ඇති අනෙකුත් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ලොස් ඇන්ජලීස් පොලිසිය විසින් ඉදිරි පුළුල් විමර්ශන පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන ප්‍රතිභාවයක් හා ප්‍රේක්ෂක...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top