ලෝකයෙන් සදහටම නැති වුණා කියපු ඒ කුරුල්ලා තවමත් ජීවත් වෙනවා.. පර්යේෂකයන්ගේ ඇස් ඇරවූ සුපිරි සොයාගැනීම.
Friday, 05 June 2026 - 8:32 | Views - 76
ලෝකයෙන් සදහටම වඳ වී ගොස් ඇතැයි සිතා බලාපොරොත්තු අත්හැර දමා තිබූ, සියවසකට වරක් පමණක් දැකගත හැකි අතිශය දුර්ලභ ජීවියෙකු වසර 100කට පසු නැවත වරක් මිනිස් ඇසට හමු වූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

පසුගිය සියවසක කාලය පුරාම විද්‍යා ලෝකයට මෙන්ම පක්ෂි ක්ෂේත්‍රයටද විසඳිය නොහැකි මහා අභිරහසක්ව පැවති 'බ්ලූ-ෆ්‍රන්ටඩ් ලොරිකීට්' (Blue-fronted Lorikeet) නමැති නිල් පැහැති නළලක් සහිත අතිශය වර්ණවත් ගිරවා මෙලෙස අලුතින්ම සොයා ගැනීමට පර්යේෂකයන් සමත්ව තිබෙනවා.

ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන, ඉන්දුනීසියාවේ බුරු (Buru) දූපතට පමණක් ආවේණික වූ මෙම කුඩා කුරුල්ලා පිළිබඳව මීට පෙර දැනගන්නට ලැබී තිබුණේ 2014 වසරේ ලබාගත් එකම එක අපැහැදිලි ඡායාරූපයකින් හා කෞතුකාගාර සාම්පල කිහිපයකින් පමණි.

1920 ගණන්වලින් පසුව වසර 90කට ආසන්න කාලයක් තිස්සේ පහත් බිම්වල සෝදිසි කිරීම් සිදු කළද මේ සත්වයා පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැහැ.

කෙසේවෙතත්, පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දුනීසියානු කඳු නැගීමේ කණ්ඩායමක් විසින් දුෂ්කර කඳුකර භූමි භාගයන් මැදින් දියත් කළ විශේෂ ගවේෂණයකදී, බුරු දූපතේ උසම කන්ද මුදුනේදී මෙම දීප්තිමත් කොළ පැහැති පිහාටු සහිත ජීවියා නැවතත් කැමරාවලට හසු කර ගැනීමට හැකි වුණා.

දරුණු වර්ෂාව, තියුණු හුණුගල් පර්වත, දෂ්ට කරන කෘමීන්, වේගයෙන් ගලායන ගංගා සහ කිසිදු අඩිපාරක් නොමැති වීම නිසා මෙම කඳු මුදුනට ළඟාවීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට ''ඉතා ශක්තිමත් නැතහොත් පිස්සු හේතුවක්" තිබිය යුතු බව මෙම ඓතිහාසික ගවේෂණයට සෘජුවම සම්බන්ධ වූ ප්‍රකට පක්ෂි නිරීක්ෂකයෙකු වන ජේම්ස් ඊටන් (James Eaton) පැවසුවා.

වසර ගණනාවක සූදානමකින් පසු කඳු නගින්නන් විසින් අලුතින්ම සිතියම්ගත කරන ලද මාර්ගයක් ඔස්සේ ගොස් ඔවුන් මෙම ජයග්‍රහණය අත්කරගෙන තිබෙනවා.

IUCN රතු ලැයිස්තුව විසින් 'දත්ත ඌන' (Data Deficient) පක්ෂියෙකු ලෙසත්, Search for Lost Birds ආයතනය විසින් 2024 වසරේදී 'අහිමි වූ විශේෂයක්' (Lost Species) ලෙසත් නිල වශයෙන් හඳුනාගෙන තිබූ මෙම ගිරවා නැවත හමුවීම, මිනිස් ඇසට නොපෙනී තවමත් සොබාදහමේ සැඟව පවතින අසිරිමත් සුන්දරත්වය පිළිබඳ කදිම මතක් කිරීමක් බව විද්‍යාඥයන් පවසනවා.
Share This Article
Hiru Tv Blog
දුලාජ් ජයතිලක, වස්ති කියන බ්‍රෑන්ඩ් එකට ආදරය කරන අයට නම් ඔහු නුපුරුදු චරිතයක්...
Hiru Tv Blog
ලංකාවේ ඉන්න දක්ෂතම වගේම හැමදාමත් එක වගේ ලස්සනට ඉන්න සුපිරි නිළියක් තමයි සචිනි...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන ප්‍රතිභාවයක් හා ප්‍රේක්ෂක...
Hiru Tv Blog
වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන නව තාක්ෂණික සමාගම් අතිශ්‍රීඝයෙන් නව නිමවුම් හා අත්හදා...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top