වසර 6කට පසු මීතොටමුල්ලේදී කළ මධ්‍යම රාත්‍රී වැටලීමකින් මහා අපරාධයක සුලමුල හෙළිවෙයි..
Thursday, 04 June 2026 - 14:03 | Views - 104
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් කම්බිකොටුවත්ත ප්‍රදේශයේදී ඉකුත් 2020 වර්ෂයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මීතොටමුල්ල රේල් පාර අසලදී ඊයේ (03) රාත්‍රීයේදී සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සන්තකයේ තිබූ "අයිස්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 10 ක් ද සමඟින් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණා.

මරණකරුවන් හා සැකකරුවන් අතර කළක පටන් පැවති පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ද්විත්ව ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
 
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top