සමාජ මාධ්‍ය කැළඹූ ගාල්ලේ අමානුෂික පහරදීම.. පැමිණිලි කළ පවුලම පොලිස් අත්අඩංගුවට..
Thursday, 04 June 2026 - 12:29 | Views - 74
ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ අතර ඒ අනුව මෙම පහරදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර සොරකමක් සම්බන්ධයෙන් බෙරලපනාතර, දංදෙණියකන්ද පදිංචි 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඊයේ (03) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම 16 හැවිරිදි සැකකරුට අදාළ සොරකම සම්බන්ධයෙන් පැමිණිලි කළ පාර්ශවය විසින්ම අමානුෂික ලෙස පහර දී ඇති බවට, ඔහුගේ මව විසින් ගාල්ල මූලස්ථාන පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් සහ සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝ දර්ශන පාදක කරගනිමින් ක්‍රියාත්මක වූ ගාල්ල මූලස්ථාන පොලිසිය මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, මිලිද්දුව, ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් වන වයස අවුරුදු 40 වන සොරකම පිළිබඳ මුල් පැමිණිලිකාරිය, වයස අවුරුදු 47ක් වන පැමිණිලිකාරියගේ සැමියා, වයස අවුරුදු 17 වන දියණිය හා වයස අවුරුදු 19 වන පුතා‍යි.

පහරදීමට සම්බන්ධ මෙම සැකකරුවන් සිව්දෙනා අද (04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම දේපළ සොරකම මෙන්ම එම සැකකරුට සිදුකළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් ද ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කරමින් පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top