තරුණියගේ අතුරුදන්වීම ගැන සැකකරු පොලීසියට පැමිණිලි කරද්දී, ඔහුගේ මවගේ කටඋත්තරයෙන් සියල්ල හෙළිවෙයි..
Thursday, 04 June 2026 - 10:40 | Views - 99
රටම කම්පා කළ අතිශය ඛේදනීය සහ අමානුෂික ඝාතනයක සුලමුල හෙළිදරව් කර ගැනීමට රංගල පොලිසිය සමත්ව තිබෙනවා.

තමන් සමඟ වසර හතරකට ආසන්න කාලයක් එකට ජීවත් වූ තරුණියක ඉතාමත් දරුණු ලෙස ඝාතනය කර, ඇගේ මළ සිරුර නිවස ආසන්නයේ මඩ වගුරක සඟවා ප්‍රදේශයෙන් පළා ගොස් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (03) දින පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇඟලුම් ආයතනයක රැකියාවක නිරතව සිටි වාසනා සඳමාලි වීරසේකර නැමැති 22 හැවිරිදි තරුණියක්.

ඇගේ හදිසි අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙම සැකකරු විසින්ම මුලින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

කෙසේවෙතත්, ඔහුගේ ප්‍රකාශ පිළිබඳව සැක සිතූ රංගල පොලිස් නිලධාරීන් සැකකරුගේ මවගෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කළා.

එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් අදාළ තරුණියට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර, නිවස ආසන්නයේ තිබූ වගුරු බිමක වළ දමා ඇති බව එහිදී අනාවරණය වුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන අදාළ වගුරු බිම හෑරූ අවස්ථාවේදී, අඩි තුනක් පමණ ගැඹුරට කැපූ වළක තිබී තරුණියගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වුණා.

ඝාතනය සිදුකිරීමෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් සිටි සැකකරු, ඊයේ (03) යළි රහසිගතව සිය නිවසට පැමිණ සැඟව සිටියදී පොලිස් වැටලීමකින් කොටු කරගනු ලැබුවා.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගෙන් කිසියම් අමුතු ගඳක් වහනය වීම නිසා ඔහු වස පානය කර ඇති බවට පොලිසිය සැක කළා.

ඒ අනුව ඔහුව වහාම තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලට අනුව විවාහකයෙකු වන මෙම සැකකරු, සිය නීත්‍යානුකූල බිරිඳ අත්හැර වසර හතරක පමණ කාලයක් තිස්සේ මෙම තරුණිය සමඟ අනියම් ලෙස ජීවත් වී තිබෙනවා.

මියගිය තරුණියගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස මහේස්ත්‍රාත් කමල් එස්. ජයතිලික විසින් තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත නියෝග කර ඇති අතර, රංගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top