වසර 20ක් බිරිඳ සමඟ කතා නොකළ සැමියා.. රූපවාහිනී කැමරාවක් ඉදිරියේ ලෝකයම හඬවමින් නිහඬතාවය බිඳි අපූරු කතාව..
Thursday, 04 June 2026 - 9:33 | Views - 97
නිකමටවත් සිතන්න පුළුවන්ද, එකම වහලක් යට වසර විස්සක් තිස්සේ එකට ජීවත් වෙමින් තමන්ගේ බිරිඳ සමඟ කිසිදු වචනයක් කථා නොකර ඉන්න පුළුවන් කියලා?

ජපානයේ නාරා (Nara) ප්‍රදේශයෙන් මුළු ලෝකයම මවිත කළ, එහෙත් කාගේත් දෑස් කඳුළින් තෙත් කළ අතිශය අසාමාන්‍ය හා සංවේදී පුවතක් වාර්තා වනවා.

ඔටෝ කටයාමා (Otou Katayama) නමැති පුද්ගලයා තම බිරිඳ වන යුමි (Yumi) සමඟ වසර 20ක් පුරා පැවැත්වූ මෙම අත්භූත නිහඬතාවය කැමරාවක් ඉදිරියේ අවසන් කළ පුවතක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙඳිරිල්ලකට පමණක් සීමා වූ වසර 20ක නිශ්ශබ්දතාවය
තිදරු පියෙකු වන ඔටෝ, මෙම දීර්ඝ කාලය පුරාම බිරිඳගේ කිසිදු ප්‍රශ්න කිරීමකට වචනයකින් පිළිතුරු දී නොමැති අතර, ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ හිස වැනීමකින් හෝ කෙඳිරිල්ලකින් පමණි.

කෙසේවෙතත්, ඔහු තමන්ගේ දරුවන් සමඟ සාමාන්‍ය පරිදි කථා බස් කර තිබෙනවා.

බොහෝ දෙනෙකු මෙයට හේතුව දරුණු පවුල් ආරවුලක් හෝ වෛරයක් යැයි සිතුව ද, සැබෑ හේතුව වී ඇත්තේ ඔටෝගේ සිතේ හටගත් දැඩි අභිමානය හා ඊර්ෂ්‍යාවයි.

දරුවන් ලැබුණු පසු බිරිඳගේ මුළු ආදරය හා අවධානය දරුවන්ට පමණක් හිමිවන බවත්, තමන් තනිවී ඇති බවත් හැඟී යාම නිසා ඇතිවූ සිත් රිදීම මත ඔහු බිරිඳ සමඟ කථා කිරීම සහමුලින්ම නතර කර දමා තිබුණා.

කාලයත් සමඟ ගල් ගැසුණු මෙම නිහඬතාවය බිඳ දැමීම සඳහා ඔවුන්ගේ 18 හැවිරිදි බාල පුත් යොෂිකි (Yoshiki) ඇතුළු දරුවන් තිදෙනා ඉදිරිපත් වුණා.

තම මවුපියන් කිසිදා එකිනෙකා සමඟ කථා කරනු නොදුටු දරුවන්, මේ වෙනුවෙන් ජපානයේ අතිශය ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක සහාය පතා තිබෙනවා.

ඒ අනුව, ඔටෝ හා යුමි යුවළ මුලින්ම මුණගැසුණු සුන්දර උද්‍යානය වෙත ඔවුන්ව රහසිගතව කැඳවාගෙන ඒමට රූපවාහිනී කණ්ඩායම කටයුතු කළා.

රූපවාහිනී කැමරා ක්‍රියාත්මක වෙද්දී, දරුවන් ඈත සිට බලා සිටින අතරතුර ඔටෝ සිය වසර 20ක නිහඬතාවය බිඳ දමමින් බිරිඳගෙන් සමාව ඉල්ලා සිටියා.

"ඔයා දරුවන් වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. යුමි, මේ වෙනකම් ඔයා දරාගත්තු හැම දුකකටම මම සමාව ඉල්ලනවා..." යැයි ඔටෝ පැවසූ හැඟීම්බර වචනත් සමඟ යුමිගේ මෙන්ම මුළු ලෝකයේම මිලියන සංඛ්‍යාත ජනතාවගේ දෑස් කඳුළින් තෙත් වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top