බන්ධනාගාර රැඳවියෙකුට පලා යෑමට සැලසුම් සකස් කළ සැකකරුවන් දෙදෙනෙකුට සිදුවූ දේ මෙන්න.
Thursday, 04 June 2026 - 9:01 | Views - 184
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (03) දහවල් කාලයේදී සිනමා පටයක් බඳු අතිශය අවදානම් සහගත සිදුවීමක් වළක්වා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

අධිකරණය ඉදිරිපිටදී බන්ධනාගාර රැඳවියෙකුට පලා යෑම සඳහා ඉතාමත් සූක්ෂ්ම ලෙස සැලසුම් සකස් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජුනි මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු වාරයක් සඳහා ඉදිරිපත් කළ විශේෂ සැකකරුවෙකුට, බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැනයාම සඳහා මෙම සැලසුම සකස් කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අදාළ රැඳවියාගේ බිරිඳ හා සැකකරු පලාගිය සැණින් රැගෙන යාම සඳහා අධිකරණය ඉදිරිපිට සූදානම් කර තිබූ මෝටර් රථයේ රියදුරුයි.

සැකකරු අධිකරණයෙන් පිටතට රැගෙන එන අවස්ථාවේදී ඔහුව පැහැරගෙන යාමට මෝටර් රථයක් ද සමඟින් බලා සිටි මෙම පිරිස පිළිබඳව ආරක්ෂක අංශවලට ඇති වූ සැකය මත සිදුකළ පරීක්ෂාවකදීයි මෙම මහා පලායෑමේ සැලසුම මුළුමනින්ම වැනසී ගොස් තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි සැකකරුවන් ලබන 6 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇති අතර, මෙම සැලසුම පිටුපස සිටින අනෙකුත් සංවිධානාත්මක සාමාජිකයන් කවුද යන්න සෙවීම සඳහා කොළඹ අපරාධ අංශය මඟින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top