කෝවිල් ඉඩම පිරිසිදු කරන්න ගිය තරුණයාට අත්වූ අවාසනාවන්ත ඉරණම.. කනගරායන්කුලම් ප්‍රදේශයෙන් ඇසෙන සංවේදී පුවතක්..
Wednesday, 03 June 2026 - 13:40 | Views - 91
කනගරායන්කුලම්, කුරුසුට්ටුකුලම් ප්‍රදේශයෙන් ඉතාමත් සෝචනීය හා අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා.

ඊයේ (ජූනි 02) සවස සිදු වූ අනපේක්ෂිත අනතුරකින් කුරුසුට්ටුකුලම් ප්‍රදේශයේම පදිංචිව සිටි 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව කනගරායන්කුලම් පොලිසිය පවසනවා.

මරණකරු විසින් කුරුසුට්ටුකුලම් කෝවිල පිහිටි ඉඩම පිරිසිදු කිරීම සඳහා ට්‍රැක්ටර් රථය පණගැන්වීමට උත්සාහ කර ඇති බව පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේදී රථයේ හටගත් හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ඔහු විසින් එය එසැණින් අළුත්වැඩියා කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස ට්‍රැක්ටර් රථය අළුත්වැඩියා කරමින් සිටියදී, එය එක්වරම ක්‍රියාත්මක වී ඉදිරියට ධාවනය වී තිබෙනවා.

එහිදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි එම තරුණයා රථයේ රෝදයකට යටවීමෙන් මෙම බරපතළ අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා වහාම පුලියන්කුලම රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියා.

ලද පණිවිඩයක් මත කනගරායන්කුලම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top