ලංකාවේ සංචාරක ක්ෂේත්රයෙන් තවත් සුබ ආරංචියක්..වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් දස ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මෙරටට..
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට ඉතාමත් සාර්ථක මාවතකට අවතීර්ණ වෙමින් පවතින බව පසක් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අලුත්ම නිල දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
එම වාර්තාවලට අනුව ගෙවුණු මැයි මාසය තුළ පමණක් විදේශීය සංචාරකයින් 145,745 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කළා.
මෙම මැයි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම, 2025 වසරේ මැයි මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් 132,919 සීමාව සමග සංසන්දනය කිරීමේදී සියයට 9.65ක (9.65%) පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ලංකාව කෙරෙහි විදේශීය සංචාරකයන්ගේ ඇති ආකර්ෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බව මෙයින් පෙනී යනවා.
මෙවරද දත්ත වාර්තාවලට අනුව ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 60,342ක් ලෙස සටහන් වනවා.
මේ අතර, 2026 වසරේ මේ දක්වා ගෙවුණු කාලය තුළ පමණක් මෙරටට පැමිණ ඇති සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ විසිදෙදහස් විසිදෙකක් (1,022,022ක්) දක්වා ඉතාමත් ඉහළ අගයකින් වර්ධනය වී තිබෙනවා.
මෙම සාධනීය තත්ත්වය රටේ ඉදිරි ආර්ථික ස්ථාවරත්වයට විශාල ශක්තියක් වනු ඇති බව ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දුන්නා.