රටේ ආර්ථික පීඩනය තවත් වැඩි වෙයි. මූලික අවශ්‍යතා සපුරාලීමට මසකට යන අවම වියදම මෙන්න.
Tuesday, 02 June 2026 - 15:55 | Views - 77
පවතින බඩු මිල හා ජීවන වියදම හමුවේ මෙරට සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසය සඳහා නිකුත් කළ නිල දරිද්‍රතා රේඛාවට (Official Poverty Line) අනුව, ලංකාවේ එක් පුද්ගලයෙකුට තමන්ගේ මූලික අවශ්‍යතා පමණක් සපුරාලීම සඳහා මසකට අවශ්‍ය වන අවම වියදම රුපියල් 17,117ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අත්‍යවශ්‍ය වන අවම පිරිවැය මෙම නිල දරිද්‍රතා රේඛාව මඟින් වරින් වර ඇස්තමේන්තු කරනු ලබනවා.

ඒ අනුව, පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 427කින් ඉහළ ගොස් තිබීම සුවිශේෂී තත්ත්වයක්. මාර්තු මාසයේදී මෙම අවම වියදම් සීමාව සටහන් වූයේ රුපියල් 16,690ක් ලෙසයි.

අප්‍රේල් මාසයේ නිකුත් වූ මෙම අලුත්ම දත්ත වාර්තාවලට අනුව, මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ලංකාවේ වැඩිම පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවටයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් එහි ඉහළම අගය වාර්තා වන අතර එය රුපියල් 18,461ක් ලෙස සටහන් වනවා.

මේ අතර, මූලික අවශ්‍යතා සඳහා පුද්ගලයෙකුට වැය වන අවම අගය වාර්තා වී තිබෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන්. මොණරාගල දිස්ත්‍රික්කයේ එම මාසික අවම වියදම සටහන් වන්නේ රුපියල් 16,367ක් ලෙසයි.

මෙම දත්තයන්ට අනුව පැහැදිලි වන්නේ සාමාන්‍ය පවුලක සාමාජිකයන් හතර දෙනෙකු සිටී නම්, ඔවුන්ගේ මූලිකම අවශ්‍යතා ටික පමණක් ඉටු කර ගැනීමට වුව ද මසකට රුපියල් 68,000කට අධික මුදලක් අත්‍යවශ්‍ය වන බව මෙම දත්තයන්ට අනුව පැහැදිලි වෙනවා.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top