බඩල්ගම ආඩිමුල්ලෙන් ඊයේ රාත්‍රියේ ඇසුණු අසුබ ආරංචිය.. මුළු ප්‍රදේශයම කැළඹූ ඒ සිදුවීම මෙන්න.
බඩල්ගම පොලිස් වසමට අයත් ස්ටාර්වත්ත, ආඩිමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා සැකකටයුතු ලෙස මියගොස් සිටියදී ඊයේ (01) රාත්‍රියේ සොයාගෙන ඇති බව බඩල්ගම පොලිසිය පවසනවා.
ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා මියගොස් සිටින බවට බඩල්ගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී අදාළ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ආඩිමුල්ල ප්‍රදේශයේම පදිංචිව සිටි 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
මෘත ශරීරය දැනට සිද්ධිය වූ ස්ථානයේම පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, අද (02) දින ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රදේශයේ මීට පෙරද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති පසුබිමක, මෙම සිදුවීම ඝාතනයක්ද නැතහොත් වෙනත් යම් හේතුවක් මත සිදුවූ මරණයක් ද යන්න මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.
එය නිවැරදිව අනාවරණය කර ගැනීම සඳහා බඩල්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු උපදෙස් හා මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශය මඟින් මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු ඉතාමත් පුළුල් අන්දමින් සිදු කරනු ලබනවා.