සරසවි සිසුන් 16,000කට ලැබුණු ලොකුම සහනය.. දිවයින පුරා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ඇරඹෙයි..
Tuesday, 02 June 2026 - 13:09 | Views - 62
දිවයින පුරා පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 16,000කගේ නේවාසික පහසුකම් ඉතාමත් ඉහළ මට්ටමකින් සංවර්ධනය කිරීම වෙනුවෙන් නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම දැවැන්ත නේවාසිකාගාර ව්‍යාපෘති මාලාව අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය නිවේදනය කළා.

මේ යටතේ සිසුන් 400කට පහසුකම් සැලසෙන 'Model A' වර්ගයේ නේවාසිකාගාර හා සිසුන් 200කට පහසුකම් සැලසෙන 'Model B' වර්ගයේ නේවාසිකාගාර ඉදි කිරීමට සියලු සැලසුම් සකස් කර තිබෙනවා.

සබරගමුව, රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාල: සබරගමුව හා රජරට විශ්වවිද්‍යාල සඳහා සිසුන් 2,200 බැගින් ආවරණය වන පරිදි ව්‍යාපෘති 07 බැගින් හිමිවනවා.

ඉන් සබරගමුවේ එක් නේවාසිකාගාරයක ටෙන්ඩර් කැඳවීම් මැයි 20 වනදා ද, රජරට එක් නේවාසිකාගාරයක මිල ගණන් කැඳවීම් මැයි 21 දින ද සිදු කර තිබෙනවා.

අග්නිදිග විශ්වවිද්‍යාලයට සිසුන් 2,000ක් වෙනුවෙන් ව්‍යාපෘති 06ක් හිමිවන අතර එහිද එක් නේවාසිකාගාරයක ටෙන්ඩර් මිලගණන් මැයි 21 වනදා විවෘත කර ඉදිරි පියවර ගනිමින් පවතිනවා.

ඌව වෙල්ලස්ස හා නැගෙනහිර විශ්වවිද්‍යාල: ඌව වෙල්ලස්සට සිසුන් 1,800ක් සඳහා ව්‍යාපෘති 06ක් හිමිවන අතර, ඉදිකිරීම් සමාගම් සමඟ මූලික සාකච්ඡා පවත්වා මිල ගණන් කැඳවීම් මැයි 22 දින සිදු කළා.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 1,600ක් වෙනුවෙන් ව්‍යාපෘති 05ක් හිමිවන අතර, ඉන් එක් නේවාසිකාගාරයක මිලගණන් කැඳවීම් අප්‍රේල් 30 වනදා විවෘත කර දැනට සුදුසුම ආයතනය තෝරාගැනීමේ ඇගයීම් සිදු කෙරෙමින් පවතිනවා.

ජයවර්ධනපුර, වයඹ, වවුනියාව හා රුහුණ විශ්වවිද්‍යාල: ශ්‍රී ජයවර්ධනපුර, වයඹ හා වවුනියාව විශ්වවිද්‍යාල සඳහා ව්‍යාපෘති 04 බැගින් හිමිවන අතර (එක් විශ්වවිද්‍යාලයකින් සිසුන් 1,200 බැගින්), ඒවායේ ටෙන්ඩර් ලේඛන හා තාක්ෂණික ඇගයීම් වාර්තා සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා.

රුහුණ විශ්වවිද්‍යාලයට සිසුන් 800ක් වෙනුවෙන් ව්‍යාපෘති 04ක් හිමිවන අතර, ඉන් එක් නේවාසිකාගාරයක වැඩබිම තුළ භූමිය සකස් කිරීමේ ප්‍රායෝගික කටයුතු මේ වන විටත් 75%ක් නිම කර තිබීම විශේෂත්වයක්.

යාපනය, මොරටුව, ගම්පහ හා ත්‍රිකුණාමලය: යාපනය විශ්වවිද්‍යාලයට සිසුන් 600ක් සඳහා ව්‍යාපෘති 02ක් හිමිවන අතර යෝජනා ඇගැයීම් කටයුතු සිදුවනවා.

මොරටුව විශ්වවිද්‍යාලයට සිසුන් 400ක් සඳහා 'Model B' ව්‍යාපෘති 02ක් හිමිවන අතර, එක් නේවාසිකාගාරයක මිල ගණන් කැඳවීම් මැයි 17 වනදා වන විට අරඹා තිබෙනවා.

ත්‍රිකුණාමලය මණ්ඩපයේ සිසුන් 400ක් සඳහා සැලසුම් කර ඉදිකිරීමේ පදනම මත මිල ගණන් කැඳවීම් අප්‍රේල් 09 සිට මැයි 27 දක්වා කාලය තුළ සිදු කර අවසන් කර ඇති අතර, ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ සිසුන් 400ක් වෙනුවෙන් හිමිවන ව්‍යාපෘති 02 සඳහා මේ වන විට භූමිය තෝරාගැනීමේ කටයුතු සිදු කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top