ලොව පළමු වරට AI සමාගමකට එරෙහිව රාජ්‍ය මට්ටමින් නඩුවක්.. AI තාක්ෂණය භාවිතයේ අඳුරු පැතිකඩ මෙන්න.
Tuesday, 02 June 2026 - 11:31 | Views - 70
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම් ඇල්ට්මන්ට (Sam Altman) එරෙහිව නඩු පවරා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

සමාගම තමන්ගේ ChatGPT වේදිකාවේ ආරක්ෂාව පිළිබඳව අසත්‍ය තොරතුරු සපයා ඇති බව එහිදී ඔවුන් චෝදනා කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙමගින් පාසල් වෙඩික්කරුවන්ට තොරතුරු සැපයීම, ස්වයං-හානි කරගැනීම් සඳහා මගපෙන්වීම් ලබාදීම හා තරුණ පරිශීලකයන් එයට ඇබ්බැහි කරවීම හරහා දරුවන්ට හානි සිදුකර ඇති බව එම නඩුවේ සඳහන් වුණා.

මෙම සමාගමට එරෙහිව නීතිමය පියවර ගත් පළමු අමෙරිකානු ප්‍රාන්තය සනිටුහන් කරමින්, රිපබ්ලිකන් පක්ෂයේ ෆ්ලොරිඩා ප්‍රාන්ත නීතිපති ජේම්ස් උත්මයර් (James Uthmeier) විසින් ෆ්ලොරිඩා ප්‍රාන්ත අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

පසුගිය වසරේ තලහසී (Tallahassee) විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමක් හා ChatGPT මගින් තොරතුරු ලබාගත් පුද්ගලයන් විසින් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ වෙනත් ප්‍රාන්තවල සිදුවීම් ගණනාවක් මෙහිදී සාක්ෂි වශයෙන් උපුටා දක්වා ඇති බව සඳහන් වුණා.

සෑම් ඇල්ට්මන්ව පෞද්ගලිකවම මෙම නඩුවට නම් කිරීමට හේතුව, ChatGPT හි වඩාත්ම හානිකර යැයි කියනු ලබන විශේෂාංග කිහිපයක් ඉදිරියට ගෙන යාම සඳහා ඔහු "ප්‍රධානතම මැදිහත්කරු" වී සිටීම නිසා බව මාධ්‍ය හමුවකදී උත්මයර් පවසා තිබෙනවා.

මෙම නඩුව මගින් ඩොලර් බිලියන ගණනක හානි පූරණයක් අපේක්ෂා කරන අතර, තරුණ පරිශීලකයන් සමග ක්‍රියා කරන ආකාරය වෙනස් කරන ලෙස සමාගමට නියෝග කරන අධිකරණ නියෝගයක් ද ඉල්ලා සිටින බවයි උත්මයර් පවසා ඇත්තේ.

"ප්‍රචණ්ඩත්වයට සැලකිය යුතු ලෙස අනුබල දෙන" ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට තමන් සිය AI මාදිලි පුහුණු කර ඇති බව OpenAI සමාගම මින් පෙර ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම සංවාද මගින් "අන් අයට ආසන්න හා විශ්වාස කළ හැකි හානියක් සිදුවීමේ අවදානමක්" පෙන්නුම් කරන විට ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කරන අතර, එහිදී මතුවන ගැටලුකාරී තත්ත්වයන් ඇගයීමට මානසික සෞඛ්‍ය විශේෂඥයන්ගේ සහය ලබා ගන්නා බවද ඔවුන් පවසා තිබෙනවා.

සැකකටයුතු වෙඩික්කරු හා මෙම මෘදුකාංගය (ChatGPT) අතර සිදුවූ සංවාද සටහන් පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් විසින් සමාලෝචනය කිරීමෙන් අනතුරුව, 2025 වසරේදී ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ (Florida State University) සිදුවූ සමූහ වෙඩි තැබීමට ChatGPT හි ඇති සම්බන්ධය පිළිබඳව සාපරාධී විමර්ශනයක් අප්‍රේල් මාසයේදී ආරම්භ කළ බව උත්මයර් ප්‍රකාශ කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළා.

චැට්බොට් (Chatbot) සමග සිදුවන සංවාද නිසා ස්වයං-හානි කරගැනීම්, මානසික රෝග සහ ප්‍රචණ්ඩත්වයට අනුබල ලැබෙන බව පවසමින්, ඒවා වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් AI සමාගම්වලට එරෙහිව එල්ල වන නඩු ප්‍රමාණය මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයෙකුගේ පවුලේ අය විසින් ද OpenAI සමාගමට එරෙහිව නඩු පවරා ඇති අතර, වෙඩික්කරු ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ChatGPT හි සහය ලබාගෙන ඇති බව ඔවුන් කියා සිටියා.

මීට අමතරව, කැනඩාවේ සිදුවූ දරුණුතම සමූහ වෙඩි තැබීමකින් වින්දිතයන් වූ පිරිසකගේ පවුල්වල සාමාජිකයන් ද අප්‍රේල් මාසයේදී OpenAI සහ ඇල්ට්මන්ට එරෙහිව සාමූහික නඩු කිහිපයක් ගොනු කර තිබෙනවා.

වෙඩික්කරු ප්‍රහාරයට මාස අටකට පෙර සිටම ChatGPT හරහා එය සැලසුම් කරන බව සමාගම දැන සිටියද, ඒ පිළිබඳව පොලිසියට අනතුරු ඇඟවීමට ඔවුන් පියවර නොගත් බව එහිදී ඔවුන් චෝදනා කළා.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් වගේම ප්‍රේක්ෂක හදවත්වල නොමඳ...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
චීනය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක් තැබීමට සූදානම් වන බව විදෙස් වාර්තා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top