ශ්‍රී ලංකාවට එකවර සෞඛ්‍ය අවදානම් දෙකක් එල්ල වෙයි.. සෞඛ්‍ය අංශවලින් මුළු රටටම නිවේදනයක්..
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් (මොළේ උණ) රෝගී තත්ත්වය වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන් 237 දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයකින් පාසල් සිසුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බවට තහවුරු වීමත් සමඟ සෞඛ්‍ය අංශ මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවනවා.
මෙනින්ජයිටීස් අවදානමට අමතරව රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය ද ඉතාමත් දරුණු මට්ටමකට පැමිණ තිබෙනවා.
වසරේ මේ දක්වා වූ කාලය තුළදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 33,572ක් සහ අවාසනාවන්ත මරණ 19ක් වාර්තා වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.
සෞඛ්‍ය වාර්තාවලට අනුව, සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට අධික ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වීම විශේෂත්වයක්.
ඒ අතරින් ද කොළඹ, ගම්පහ හා වයඹ පළාතේ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් රෝගීන් ඉතාමත් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.
ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදිසි තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව, මේ මස (ජුනි) 08, 09 හා 10 යන දින තුන දිවයින පුරා "විශේෂ මදුරු මර්දන දින" ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙම දිනවලදී පරිශ්‍රයන් පරීක්ෂා කිරීම හා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බැවින්, ඊට උපරිම සහාය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.