හිරු උත්තම ධාතු වන්දනාවට දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක්.. කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද පල්ලෙබැද්ද සංඛපාල රාජමහා විහාරයට..
Tuesday, 02 June 2026 - 9:37 | Views - 129
ඓතිහාසික මහියංගන රාජමහා විහාර පුදබිමේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය දක්වා අද (02) උදෑසන වැඩම කරවීම ඇරඹීමට නියමිතයි.

ඒ උදෑසන සම්බුද්ධ පූජාවෙන් අනතුරුවයි.

එහිදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ බිබිල, මැදගම, නක්කල නගර ඔස්සේ ඓතිහාසික යුදගනාව රජමහා විහාරය දක්වා වැඩම කරවීමට නියමිතයි.

එහිදී දහවල් සම්බුද්ධ පූජාව පැවැත්වෙන අතර එම අතරතුර කාලයේ සැදැහැවතුන්ට සර්වඥ ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට අවස්ථාව පවතිනවා.

පසුව සර්වඥ ධාතූන් වහන්සේ යළි වැඩම වන රථ පෙරහැර වැල්ලවාය, තණමල්විල, උඩවලව නගර ඔස්සේ පල්ලෙබැද්ද සංඛපාල රාජමහා විහාරය වෙත වැඩම කෙරෙන අතර හෙට පහන් වනතුරුම එම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනවා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව උදාකර දෙන හිරු උත්තම ධාතු වන්දනාව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික මහියංගන පුදබිමේදී ආරම්භ කෙරුණේ පසුගිය ඉරිදායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top