මහියංගන පුදබිම සාධු නාදයෙන් ගිගුම් දෙයි.. හිරු උත්තම ධාතු වන්දනාවට දිවයිනේ දස දෙසින්ම බැතිමත්හු එක්වෙති..
Sunday, 31 May 2026 - 14:23 | Views - 65
උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාවේ ආරම්භක දිනය වන අද දිවයිනේ දස දෙසින් අති විශාල බැතිමතුන් පිරිසක් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිනට ඒකරාශී වෙමින් සිටිනවා.

ඒ, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින්.

පැමිණෙන සැදහැවතුන් වෙනුවෙන් සියළු පහසුකම් හිරු මාධ්‍ය ජාලය විසින් සංවිධාන කර තිබෙනවා.

හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පිංබිමේදී අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ අති විශාල සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන්.

ඔවුන්ගේ සාධු නද මධ්‍යයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරුණා.

මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී ජීවමාන බුදුන් වහන්සේ හා සමාන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාවට සුවහසක් සැදැහැවතුන්ට හිරු උත්තම ධාතු වන්දනාවට අද සිට ලබන 2 වැනිදා දක්වා එක්වීමට අවස්ථාව හිමිවනවා.
Share This Article
Hiru Tv Blog
ජාත්‍යන්තර දුම්වැටි සහ මත්විරෝධී දිනය...
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top