අද රෑට අහස බලන්න අමතක කරන්න එපා.. වසර ගණනාවකට පසු පායන දුර්ලභ නිල් සඳ මෙන්න.
රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට කැමැත්තක් දක්වන මෙරට සහ ලොව පුරා වෙසෙන ජනතාවට අද අතිශය සුවිශේෂී හා දුර්ලභ ගණයේ චන්ද්‍ර ග්‍රහයෙකු දැකබලා ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
ඒ, වසර කිහිපයකට පසුව අහසේ දිස්වන "නිල් සඳ" (Blue Moon) නමින් හැඳින්වෙන චන්ද්‍රයා අද රාත්‍රියේදී දර්ශනය වීමට නියමිතව තිබීම හේතුවෙන්.
මෙම අපූර්ව නිල් සඳක් අහසේ දිස්වන්නේ සාමාන්‍යයෙන් වසර 19 කට වරක් හෝ සෑම වසර දෙකකට පමණ පසුව බව මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රමුඛ අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා සඳහන් කළා.
කැලැන්ඩර මාසයක් තුළ පසළොස්වක පොහෝ දින දෙකක් යෙදෙන අවස්ථාවලදී දෙවැනි පූර්ණ චන්ද්‍රයා මෙලෙස "නිල් සඳ" ලෙස හඳුන්වනු ලබනවා.
ඉතින් මේ වගේ දුර්ලභ අවස්ථාවක් මඟහැර ගන්න එක ලොකු අපරාධයක්. අද රෑට වෙන වැඩ ඔක්කොම පොඩ්ඩකට නතර කරලා, අහස දිහා බලන්න අමතක කරන්න එපා.