කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු සියැසින් දැක වන්දනා කිරීමට භාග්‍යය උදාවන හිරු උත්තම ධාතු වන්දනාව හෙට සිට..
Saturday, 30 May 2026 - 22:09 | Views - 76
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සම්බුදු සසුනේ උන්නතිය උදෙසා සිදුකෙරෙන හිරු උත්තම ධාතු වන්දනා කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී හෙට (31) ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතිනවා.

ලබන මස 2 වැනිදා උදෑසන දක්වා ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී හිරු උත්තම ධාතු වන්දනාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජීවමාන බුදුන් වන්දනාව හා සමාන දුර්ලභ අවස්ථාවක් සැහැදැවතුන්ට උදාකර දෙමින්.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙරට පුණ්‍ය භූමි වෙත වැඩම කරවා සුවහසක් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන හිරු උත්තම ධාතු වන්දනාව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක්.

මෙවර හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුද බිම වෙත වැඩම කරවන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් චාරිත්‍රානුකූල ආගමික වතාවත් වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේදී අද දිනයේ නියමිත පරිදි සිදු කෙරුණා.

ඒ අමරපුර සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහා නායක ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී වන්දනාමාන කරගැනීමේ අවස්ථාව සැදැහැවත් ඔබට හෙට සිට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව, උදෑසන 7.30ට යෙදෙන සුබ මොහොතින් මඟුල් බෙර සහ පුෂ්පෝපහාර මැද හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුව සාධු නාද මැද ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුද බිමේ ඉදිකර ඇති සුවිශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරෙනු ඇති.

එම ස්ථානයේ ද ජීවමාන බුදුන් වහන්සේට පිදෙන පූජා හා සමානව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙනුවෙන් කෙරෙන චාරිත්‍රානුකූල වත්පිළිවෙත් වලින් අනතුරුව සුවහසක් සැදැහැවතුන්ට හිරු උත්තම ධාතු වන්දනාවට එක්වීමට අවස්ථාව හිමිවනවා.

එලෙස ඇරඹෙන හිරු උත්තම ධාතු වන්දනාව ලබන මස 2 වැනිදා උදෑසන දක්වා ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේදී සැහැදැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවනවා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාට එක්වන දහස් සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් සියලු පහසුකම් හිරු මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර ඇති අතර, හෙට දින එම සැදැහැවතුන් වෙනුවෙන් උදෑසන ආහාරයද හිරු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමන් විසින් සම්පාදනය කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top