සුවහසක් සැදැහැවතුන්ගේ සාදු නද මැද මහියංගන චෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ් වර්ණ ආලෝකයෙන් ඒකාලෝක වෙයි.
Saturday, 30 May 2026 - 20:28 | Views - 77
තිලෝගුරු අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟු‍ල වෙනුවෙන් හිරු ටී.වී. හිරු එෆ්. එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය, ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිම කේන්ද්‍ර කරගනිමින් අද (30) අලු‍යම ආරම්භ කෙරුණා.

ඒ, ආමිස හා ප්‍රතිපත්ති පූජා ඇතුළු පුණ්‍ය කටයුතු රැසකට මුල් තැන දෙමින්.

ඓතිහාසික මහියංගනය චෛත්‍ය රාජයාණන් වෙනුවෙන් සුවඳ දුම් පූජාව, නෙළුම් මල් පූජාව මෙන්ම අධිෂ්ඨාන පූජාව ද පවත්වා ලක්ෂයකට අධික ෂඩ් වර්ණ විදුලි බුබුළු ආලෝකයෙන් සෑ රඳුන් ඒකාලෝක කිරීමේ අධිෂ්ඨාන පූජාව පුණ්‍ය කටයුත්ත මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථාන පුණ්‍ය භූමියේදී හිරු ශාක්‍යසිංහ මංගල්‍යය දහස් සංඛ්‍යාත උවසු උවැසියන්ගේ සහභාගීත්වයෙන් අද අලු‍යම ආරම්භ කෙරුණා.

දාන, ශීල, භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන් උත්තම මුණිඳුන් පුදන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාරතර සංකල්පයක්.

ඵෙතිහාසික මහියංගන රාජමහා විහාර භාරකාර, පූජ්‍ය මන්දාරම්නුවර යසස්සි ස්වාමීන් වහන්සේ විසින් ඓතිහාසික මහියංගනය රාජමහා විහාර පුදබිමට එක්ව සිටි උවසු උවැසියන්ට අෂ්ඨාංග ශීලය සමාදන් කරවනු ලැබුවා.

මහියංගනය රාජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අමා සිසිල ධර්ම සාකච්ඡාව ආරම්භ වුණේ ඉන් අනතුරුවයි.

දෙලොවටම වැඩ සැලසෙන පුණ්‍ය ක්‍රියා රැසක් ඓතිහාසික මහියංගණ පුදබිම කේන්ද්‍ර කරගෙන පැවැත්වුණා.

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ අධිෂ්ඨාන පූජාව ඓතිහාසික මහියංගනය චෛත්‍ය රාජයාණන් වහන්සේ පංච තූර්ය නාද මධ්‍යයේ සුවද මලින් පුදා සුවඳ දුම් පූජාවෙන් පසු පැවැත්වුණා.

ඵෙතිහාසික මහියංගනය රාජ මහා විහාර පුද බිම වෙත පැමිණ සිටි සැහැදැවතුන්ගේ සාධුකාර මැද අධිෂ්ඨාන පූජාව සිදු කෙරුණේ තවත් කප් සුවහස් කාලයක් සම්බුදු සසුනේ චිරස්තිථිය ප්‍රාර්ථනා කරමින්.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් ෂඩ් වර්ණ විදුලි බුබුළු ආලෝකයෙන් ඓතිහාසික මහියංගනය සෑ රඳුන් ඒකාලෝක කිරීම සිදු කළා.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top