මවුන්ට් මැකින්ලි කන්ද තරණය කළ කඳු නගින්නන් තිදෙනෙකු මුහුණදුන් අවාසනාවන්ත සිදුවීම.
ඇලස්කාවේ සුප්‍රසිද්ධ ඩෙනාලි ජාතික වනෝද්‍යානයේ පිහිටි මවුන්ට් මැකින්ලි (Mount McKinley) කන්ද තරණය කරමින් සිටි කඳු නගින්නන් පිරිසකට දරුණු අනතුරකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
කන්ද තරණය කරමින් ඉහළට යද්දී සිදුවූ අවාසනාවන්ත ඇද වැටීමකින් ලැට්වියානු ජාතික කඳු නගින්නන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
විදෙස් වාර්තාවලට අනුව, මෙම ත්‍රාසජනක ගවේෂණය සඳහා සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් ලැට්වියානු කණ්ඩායමක් එක්ව සිටියා.
ඔවුන් කඳු මුදුන බලා ගමන් කරමින් සිටියදී පසුගිය මැයි 27 වැනිදා මෙම දරුණු ඇද වැටීමේ අනතුර සිදුව තිබෙනවා.
එහිදී කණ්ඩායමේ සිටි සාමාජිකයන් සිව් දෙනෙකු එකවරම පහළට ඇද වැටී ඇති අතර, ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
කෙසේවෙතත්, අනතුරට ලක්වූ සිව්වන සාමාජිකයා ප්රාතිහාර්යයකින් මෙන් සිය දිවි ගලවා ගැනීමට සමත්ව ඇති බව ද එම වාර්තාවල සඳහන් වනවා.
ඩෙනාලි වනෝද්‍යානයේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික හිම පතනය මධ්‍යයේ වුව ද, මියගිය කඳු නගින්නන් තිදෙනාගේ සිරුරු සොයා ගැනීම සඳහා බලධාරීන් විසින් විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
දිවි ගලවාගත් අනෙක් සාමාජිකයින්ට අවශ්‍ය වෛද්‍ය සහ ආරක්ෂිත පහසුකම් සැපයීමට ද වනෝද්‍යාන බලධාරීන් කටයුතු කළා.