අනුරාධපුර අටමස්ථානයේ පරිපාලනයේ වෙනසක්.. අටමස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් පත් කෙරේ.
Saturday, 30 May 2026 - 16:29 | Views - 198
ශාසනික වශයෙන් අතිශය වැදගත් වන සුවිශේෂී තීරණ කිහිපයක් මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් ගෙන තිබෙනවා.

ඒ අනුව, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය සම්බන්ධයෙන් මෙම විශේෂ නියෝගයන් නිකුත් කර ඇති බව වාර්තා වුණා.

වත්මන් අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති ආන්දෝලනාත්මක චෝදනාවන් පිළිබඳව අවධානය යොමු කරමින්, මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් මීට පෙර අදාළ පාර්ශ්වයන් කැඳවා දීර්ඝ වශයෙන් කරුණු විභාග කර තිබුණා.

ඒ අනුව අද (30) දින රැස් වූ කාරක මහා සංඝ සභාව විසින් තීරණය කර ඇත්තේ, පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී ස්ථිර තීන්දුවක් ලැබෙන තෙක්, උන්වහන්සේ දැරූ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටයි.

මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභාවේ මෙම නිල නියමය පරිදි, අටමස්ථාන කමිටුව විසින් රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන්ව තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම (වැඩ බැලීම) සඳහා පත්කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි ආගමික හා පරිපාලන කටයුතු උන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදු වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top