වෙසක් නිමිත්තෙන් විශේෂ දැනුම්දීමක්.. කඩවත - රාගම පාරේ සිට ගනේමුල්ල වටරවුම දක්වා මාර්ගය තාවකාලිකව වැසේ..
Saturday, 30 May 2026 - 15:53 | Views - 91
වෙසක් මංගල්‍යයට අදාළ උත්සව කටයුතු හා වෙසක් කලාපීය වැඩසටහන් හේතුවෙන් කඩවත - රාගම පාර උමං මාර්ගයේ සිට ගනේමුල්ල වටරවුම දක්වා වූ උසාවි මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මහජනතාවගේ ආරක්ෂාව හා රථ වාහන ගමනාගමනය විධිමත් කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ මාර්ග කොටස ලබන ජුනි මස 2 වැනිදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය නිල වශයෙන් කියා සිටියා.

මෙම මාර්ගය වසා දැමීම හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා රියදුරන් වෙනුවෙන් පොලිසිය විසින් විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, කඩවත දෙස සිට ගනේමුල්ල දක්වා ගමන් කිරීමට බලාපොරොත්තු වන රථ වාහනවලට කොළඹ - නුවර ප්‍රධාන පාර ඔස්සේ ඉදිරියට ගොස්, ගනේමුල්ල පාර හන්දියෙන් වමට හැරී සිය ගමනාන්තය වෙත ළඟා විය හැකි බව පොලිසිය රියදුරන්ට හා ප්‍රදේශවාසී ජනතාවට දැනුම් දුන්නා.

වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාව අධික වීම නිසා සිදුවන මාර්ග තදබදය අවම කරගැනීමට සහාය වන ලෙසද ආරක්ෂක අංශ ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top