මෙනින්ජයිටීස් රෝගය පාසල් සිසුන් අතර පැතිරීමේ අවදානමක්.. පාසල් බලධාරීන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්..
Saturday, 30 May 2026 - 15:33 | Views - 198
මේ දිනවල දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වන මෙනින්ජයිටීස් හෙවත් මොළේ උණ රෝගී තත්ත්වය පාසල් දරුවන් අතර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව මෙම රෝගී තත්ත්වයෙන් කුඩා ළමයින්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් එල්ල වීමේ ප්‍රවණතාවක් පවතිනවා.

මෙම වෛරසය වැළඳුණු පළමු රෝගීන් සමූහය පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.

සිදුකරන ලද වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශනවලට අනුව, ඇතැම් ප්‍රදේශවලින් පොකුරු (Clusters) වශයෙන් මෙන්ම තැනින් තැන තනි රෝගීන් ලෙසද මෙම මොළේ උණ වැළඳුණු අය හඳුනාගෙන තිබෙනවා.

වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ මෙසේ වාර්තා වන රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් සිටීමයි.

මේ හේතුවෙන් පාසල් පද්ධතිය තුළ රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම නවතම ආරක්ෂිත පියවර සහ මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top