සිරිලක මෙත් සිසිලෙන් නහවන වෙසක් පුන් පෝය නිමිත්තෙන් ‍රට පුරා තොරණ හා දන්සල්..
Saturday, 30 May 2026 - 15:01 | Views - 143
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (30) දිනට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් දිවයින පුරා වෙසක් කූඩු, තොරණ, දන්සැල් ඇතුළු ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධානය කරමින් බෞද්ධ බැතිමතුන් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව වෙසක් උත්සවය සැමරීමට කටයුතු කර සිටිනවා.

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පමණක් වෙසක් තොරණ 20කට ආසන්න සංඛ්‍යාවක් මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම, මෙවර දිවයින පුරා දන්සැල් 15,000කට අධික සංඛ්‍යාවක් සංවිධානය කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සංගමය නිල වශයෙන් ප්‍රකාශ කළා.

වෙසක් සැමරුම් නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් කොළඹ නගරය තුළ අද සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

වෙසක් කලාප, තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය කෙරෙන ස්ථාන ආශ්‍රිත මාර්ගවල මෙම විශේෂ සැලැස්ම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව කොටුව, කොම්පඤ්ඤවීදිය, මල්පාර, අග්‍රාමාත්‍ය කාර්යාලය අවට, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය මෙන්ම බොරැල්ල බේස්ලයින් පාර, බෞද්ධාලෝක මාවත හා ගාලුමුවදොර ඇතුළු ප්‍රදේශ රැසක මෙම රථ වාහන සංශෝධන ක්‍රියාත්මක වනවා.

වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ ධාවනයට එක්කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

මීට අමතරව, වෙසක් කලාපවලට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top