ඓතිහාසික මහියංගන පුදබිම ඒකාලෝක කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ අදයි..
Saturday, 30 May 2026 - 7:48 | Views - 90
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිකෙරෙන වෙසක් පුන් පොහොය දිනය යෙදෙන අද හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය මේ වන විට ඵෙතිහාසික මහියංගන රාජමහා විහාර පුදබිම කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වී තිබෙනවා.
 
හිරු ශාක්‍යසිංහ මංගල්‍යය, බුදු දහමේ චිරස්තිථිය‍ උදෙසා අසීමිත ශාසනික සේවාවක් ඉටු කරමින් ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරතුරුව සිය දායකත්වය ලබාදෙන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ උදාර සංකල්පයක්.

කාව්‍යයමය ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු දෙලොවටම වැඩ සලසන පුණ්‍ය ක්‍රියා රැසක් අද (30) දවස පුරා ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථාන පුදබිමේදී සිදු කිරීමට නියමිතයි.

සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා සිදුකරන අධිෂ්ඨාන පූජාව ආරම්භ වන්නේ අද පස්වරු 5.30ටයි.

එහිදී ඓතිහාසික මහියංගන රාජමහා විහාරයේ මියුගුණ චෛත්‍යරාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා, පුෂ්පෝපහාර දක්වා, පංච තූර්ය නාද පූජා පවත්වා බුදු පිළිම වහන්සේ පූජා කිරීම ද සිදුවනවා.

බුදු රජාණන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කර ඉදිකර ඇති ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත විචිත්‍ර ෂඩ් වර්ණ විදුලි ආලෝක පූජාව සිදු කෙරෙන්නේ, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව තවත් උත්තම පුණ්‍ය කර්මයක් ලෙස වසර ගණනාවක් පුරා අඛණ්ඩව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා - කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ද මෙවරත් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් හෙට ආරම්භ වනවා.

හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමට වැඩම කෙරෙනු ඇති.

ඒ අනුව, දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ඉඩ සලසන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව හෙට උදෑසන සිට ජුනි මස 2 වැනිදා උදෑසන දක්වා ඓතිහාසික මහියංගණය රාජමහා විහාරස්ථාන පුද බිමේදී පැවැත්වීමට නියමිතයි.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට එක සේ මුල්තැන දෙමින් ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථාන පුදබිමේ පැවැත්වෙන හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට මෙන්ම හිරු උත්තම ධාතු වන්දනාවට එක්වන ලෙස සැදැහැවත් ඔබට හිරු මාධ්‍ය ජාලය ආරාධනා කර සිටිනවා.


Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top