තිස්තුන් කෝටියේ මුදල් විශුද්ධිකරණ නඩුව.. 'ලොකු පැටී' ලබන 12 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්..
Friday, 29 May 2026 - 17:48 | Views - 61
මුදල් විශුද්ධිකරණ පනත යටතේ රුපියල් තිස්තුන් කෝටියකට (රුපියල් මිලියන 330) අධික මුදලක් තමන්ගේ බැංකු ගිණුමකට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 'ලොකු පැටී' නමැති සැකකරු එළඹෙන ජුනි මස 12 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (29) නියෝග කළා.

නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම් සහ ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස බන්ධනාගාර කාලය දීර්ඝ කිරීමට නියෝග කර තිබෙනවා.

මෙම මහා පරිමාණ මුදල් වංචා සිද්ධියටම අදාළව මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගන්දර දේවාලයේ කපුවා ඇතුළු සැකකරුවන් දෙදෙනා පෙර නඩු දිනයේදී දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය කටයුතු කර තිබුණා.

අද දින නඩු විභාගය පැවැත්වුණු අවස්ථාවේදී සිද්ධියට අදාළ පළමු සැකකරු වන 'ලොකු පැටී' බන්ධනාගාරයේ සිට 'සූම්' (Zoom) තාක්ෂණය ඔස්සේ සෘජුවම අධිකරණය හමුවේ පෙනී සිටි බවයි වාර්තා වන්නේ.

මෙම සංවේදී නඩුව ලබන ජුනි 12 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top