අලුත්ගමදී සිදුවූ ඇස් අදහා ගත නොහැකි සිදුවීම.. නීතියේ රැහැනට හසුවූ ඔවුන් ගැන ඇසෙන කතාව මෙන්න.
අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී පුද්ගලයකුට කඩුවකින් පහර දී බරපතළ තුවාල සිදු කර, ඔහුගේ ත්‍රිරෝද රථයට ද ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිල නිවේදනවලට අනුව, දෙපාර්ශවය අතර කලක පටන් පැවති පැරණි කෝන්තරයක් මත ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සිදු කර ඇති බව අනාවරණය වුණා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරගල්ල හා බලපිටිය යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙක්.
කඩුවෙන් කෙටීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටිනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.