ගෝලීය වෙළෙඳපොළේ අලුත්ම පෙරළිය.. බදු ප්‍රතිපත්ති හා දේශගුණික විපර්යාස කෝපි කෝප්පයට බලපෑ හැටි..
Friday, 29 May 2026 - 10:04 | Views - 62
ලෝකයේ දිනපතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ උදෑසන චාරිත්‍රයක් බවට පත්ව ඇති කෝපි පානය, මේ වන විට ගෝලීය ආර්ථිකයේ උච්චාවචනයන් මැනිය හැකි ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර කෝපි කෝප්පයක මිල පවුම් 4 සීමාවන් පසු කරමින් පවතින අතර, ඇමරිකාවේ ස්ටාර්බක්ස් (Starbucks) වැනි ප්‍රධාන ආයතනද තම මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

කෝපි සැපයුම් දාමයේ සෑම අංශයකම පිරිවැය ඉහළ යාම මීට ප්‍රධාන හේතුව බව එම මාධ්‍ය පෙන්වා දෙනවා.

ලොව ප්‍රමුඛතම රොබස්ටා කෝපි නිෂ්පාදකයෙකු වන වියට්නාමයට දරුණු නියඟයකට මුහුණ දීමට සිදු වූ අතර වසර අගභාගයේදී සුළි කුණාටු තත්ත්වයන් නිසා කෝපි වගාවන්ට දැඩි ලෙස හානි සිදු වුණා.

මීට අමතරව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද නව බදු ප්‍රතිපත්ති (Tariffs) හේතුවෙන් වියට්නාමය (46%), ඉන්දුනීසියාව (32%) හා බ්‍රසීලය (50%) වැනි කෝපි නිෂ්පාදනය කරන ප්‍රධාන රටවලට දැඩි බදු බරක් පැටවුණා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකාවට සිදු කරන බ්‍රසීල කෝපි අපනයනය අඩකින් පමණ කඩා වැටුණු අතර, බදු අඩු රටවලින් කෝපි ආනයනය කිරීමට ඇමරිකානු සැපයුම්කරුවන් පෙළඹීම නිසා එම රටවල කෝපි මිලද ඉහළ යනු ලැබුවා.

මෙම බදු පැනවීම් හේතුවෙන් ඇමරිකානු වෙළෙඳපොළේ කෝපි මිල ගණන් (විශේෂයෙන් ක්ෂණික සහ කුඩු කෝපි) වාර්තාගත ලෙස ඉහළ ගිය අතර, එයින් පීඩාවට පත් පාරිභෝගිකයින්ගේ දැඩි විරෝධය මතු වුණා.

ඒ අනුව, පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් කෝපි ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක් මෙම බදු සීමාවලින් නිදහස් කිරීමට විධායක නියෝගයක් නිකුත් කිරීමටද පියවර ගත්තා.

මිල කොතෙක් ඉහළ ගියද පාරිභෝගිකයින් කෝපි මිලදී ගැනීම සීමා කර නොමැති බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම තරුණ පරපුර අතර 'Cold Brews' වැනි නවීන විලාසිතාවන් ජනප්‍රිය වීම හේතුවෙන් කෝපි සඳහා පවතින ලෝක ඉල්ලුම තවදුරටත් නොවෙනස්ව පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top