පිරිසිඳුකම නැත්නම් වැඩ වරදියි. දන්සල් සංවිධායකයින්ට සෞඛ්‍ය අංශවලින් හදිසි පණිවිඩයක්..
Friday, 29 May 2026 - 9:21 | Views - 65
පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙමින්, පිසින ලද ආහාර ලබාදෙන දන්සැල් සංවිධායකයින් ආහාර පිළියෙල කිරීමේදී පිරිසිදුකම සහ ගුණාත්මකභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා ඒකකයේ, ප්‍රජා‍ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය තිලංග රුවන්පතිරණ මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, මේ දිනවල පැතිර යන සමහර බෝවන රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගෙන, සිසිල් බීම දන්සැල් ලබාදීම වෙනුවට තේ, කෝපි, රණවරා හෝ කොත්තමල්ලි වැනි උණුසුම් පාන වර්ග සහිත දන්සැල් සංවිධානය කිරීමට පියවර ගන්නා ලෙසයි.

එමඟින් මහජනතාවට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම අවම කරගත හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම, දන්සැල් සූදානම් කරන හා පවත්වන කාලසීමාව තුළදී මෙන්ම දන්සැල නිමා කිරීමෙන් පසුවද ඒ සියලු කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ (PHI) සෘජු අධීක්ෂණය අනිවාර්යයෙන්ම සිදුවන බව විශේෂඥ වෛද්‍ය තිලංග රුවන්පතිරණ වැඩිදුරටත් පවසා සිටියා.
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top