කොල්ලුපිටියේ නීතිවිරෝධී සූදු පොළක් වටලයි.. චීන ජාතිකයින් 06ක් අත්අඩංගුවට..
Thursday, 28 May 2026 - 16:16 | Views - 75
කොල්ලුපිටිය පොලිස් වසමට අයත් ගාලු පාරේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් වටලා, නිසි බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම හා ඊට අනුබල දීම සම්බන්ධයෙන් විදේශීය ජාතිකයින් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කර තිබෙනවා.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (27) රාත්‍රී කාලයේදී මෙම විශේෂ වැටලීම සිදුකර තිබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

නිසි අවසරයකින් තොරව ඉතාමත් සූක්ෂම අයුරින් මෙම නීතිවිරෝධී සූදු පොළ පවත්වාගෙන ගොස් ඇති බව වැටලීමේදී අනාවරණය වී තිබෙනවා.මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනාම වයස අවුරුදු 27ත් 48ත් අතර වයස් සීමාවල පසුවන චීන ජාතිකයින් බවයි පොලිසිය පැවසුවා.

සැකකාර විදේශිකයන් පිරිස මේ වනවිට පොලිස් බාරයේ පසුවන අතර, ඔවුන් ඉදිරි කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top