රියදුරන් හැමෝම වහාම සැලකිලිමත් වෙන්න. දඩ මුදල් ගන්න ආපු අලුත්ම WhatsApp හා SMS වංචාව..
Thursday, 28 May 2026 - 14:31 | Views - 76
රථවාහන වැරදි සිදු කරන රියදුරන් ඉලක්ක කර ගනිමින්, ව්‍යාජ SMS හා WhatsApp පණිවුඩ යොමු කර වංචනික ලෙස දඩ මුදල් අයකර ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

රජයේ නිල දඩ මුදල් ගෙවීමේ පද්ධතිය වන 'GovPay' වෙබ් අඩවියට බෙහෙවින් සමාන වන අයුරින් ව්‍යාජ වෙබ් අඩවි (Phishing Websites) නිර්මාණය කර, මෙලෙස ජනතාවගෙන් මුදල් ලබාගැනීමේ ඉතා සූක්ෂම වංචාවක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

මෙමඟින් නොදැනුවත්වම රියදුරන් රැසක් තමන්ගේ බැංකු කාඩ්පත් විස්තර හා මුදල් වංචාකරුවන්ට ලබාදී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රථවාහන දඩ මුදල් ගෙවන ලෙස පවසමින් ලැබෙන සැකකටයුතු SMS හා WhatsApp පණිවුඩවල සඳහන් කිසිදු සබැඳියක් (Links) වෙත පිවිසීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.

එමෙන්ම, පොලිස් නිලධාරියෙකු විසින් සෘජුවම සිදු කරන දැනුම් දීමකින් අනතුරුව තමන් විසින් වරදක් පිළිගත් විට පමණක්, නිල GovPay යෙදවුම හෝ වෙබ් අඩවිය ඔස්සේ දඩමුදල් ගෙවීමට කටයුතු කළ යුතු බව ද පොලිසිය වැඩිදුරටත් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top