හෝටලයක මෙට්ටයක් ගිනි ගනී. සිහිසුන්ව සිටි දරුවන් රෝහල් කළ පසු ජීවිතක්ෂයට..
Thursday, 28 May 2026 - 13:49 | Views - 65
මඩකලපුව නගරයේ පිහිටි හෝටල් කාමරයක තිබූ මෙට්ටයක් ගිනිගෙන ඉන් පිටවූ අධික දුම ආශ්වාස වීම හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 03ක පිරිමි දරුවෙකු හා අවුරුදු 05ක ගැහැණු දරුවෙක්.

මෙම දරුවන් දෙදෙනා සිය පියා සමඟ අදාළ ලැඟුම්හලේ නවාතැන් ගෙන සිටියේ පිළිකා රෝගය හේතුවෙන් කාත්තන්කුඩි ප්‍රදේශයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා සිය මව බැලීමට යෑමේ අරමුණිනුයි.

කෙසේවෙතත්, පස්වරු දෙකට පමණ පියා මත්පැන් පානය කිරිම සදහා දරුවන් දෙදෙනා කාමරය තුළ රඳවා, පිටතින් අගුලු දමා එම ලැගුම්හලේ පිහිටි තැබෑරුම වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පියා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නැවත කාමරය වෙත ගිය අවස්ථාවේදී එහි ගින්නක් ඇති වී තිබෙන බව නිරීක්ෂණය වී තිබෙනවා.

දරුවන් දෙදෙනා සිහිසුන්ව කාමරය තුළ වැටී සිටිනු දැකීමෙන් අනතුරුව පියා විසින් වහාම ඔවුන් මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළද, ඒ වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

කාමරය තුළ හටගත් ගින්න හෝටලයේ සේවකයින් විසින් මැඩ පවත්වා ඇති අතර, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මඩකලපුව පොලිස් ස්ථානය හා අපරාධ ස්ථානීය පරීක්ෂණ කාණ්ඩ (SOCO) මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top