අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්.. මේ මාසයේ වැඩිහිටි දීමනාව හෙට සිට බැංකු ගිණුම් වෙත..
Thursday, 28 May 2026 - 12:25 | Views - 70
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභීන්ට අදාළව, මෙම මාසය සඳහා වන වැඩිහිටි දීමනා හෙට (29) දිනයේ සිට බැංකු ගිණුම් වෙත බැර කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සපයන තොරතුරුවලට අනුව, මෙම යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 625,128 දෙනෙකු වෙනුවෙන් රුපියල් තුන්සිය දොළොස් කෝටි පනස් හය ලක්ෂයක (රු. 3,125,600,000) මුදලක් හෙට දින බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

එමෙන්ම, එහි දෙවන අදියර යටතේ සුදුසුකම් ලබා සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 73,663 දෙනෙකු වෙනුවෙන් මෙම මාසයේ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස් හය කෝටි අසූතුන් ලක්ෂ පහළොස්දහසක (රු. 368,315,000) මුදලක් ද ගිණුම්ගත කිරීමට කටයුතු යොදා ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

මේ හරහා දිවයින පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත වැඩිහිටි ජනතාවකට තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට විශාල සහනයක් හිමි වනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top