"රට ගොඩනැගිය හැක්කේ බෙදීම්වලින් නොව එකමුතුකමින්.." විපක්ෂ නායකගෙන් හජ් දින පණිවිඩයක්.
සියලුදෙනාගේ හදවත්වල සාමය සහ විශ්වාසය වැඩිදියුණු කිරීමට හජ් වන්දනාවේ පරමාර්ථය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් කියා සිටියා.
එමෙන්ම, මෙම අසීරු අවස්ථාවේ රට ගොඩනැගිය හැක්කේ බෙදීම්වලින් නොව එකමුතුකමින් බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.
විපක්ෂ නායකවරයාගේ හජ් දින පණිවිඩය පහතින්,
''ජාති, වර්ණ, භේද ඉක්මවා එකම අරමුණකින් එකතු වන හජ් වන්දනය ලෝකයට ලබා දෙන්නේ සාමයේ සහ සමානාත්මතාවයේ උතුම් පණිවිඩයකි. ඒ උතුම් පණිවිඩය තවදුරටත් පසක් කරමින් අපගේ රටටත් ලෝකයටත් සාමය, සංහිඳියාව, එකමුතුව, අවබෝධය හා විශ්වාසය පිරුණු හෙට දවසක් උදාවේවා! ඊද්-උල්-අද්හා-මුබාරක්!''