දුම්බර කඳු වැටියෙන් හමුවූ ලංකාවට ආවේණික සත්වයා මෙන්න.
Thursday, 28 May 2026 - 9:50 | Views - 78
මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු වැටියට අයත් පුවක්පිටිය නිම්නයෙන් ශ්‍රී ලංකාවට ආවේණික නවතම ක්ෂීරපායී (මීයන්) විශේෂයක් විද්‍යාත්මක ලොවට අනාවරණය කිරීමට මෙරට පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර හා ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි විසින් සිදු කළ දීර්ඝ පර්යේෂණයකින් පසුවයි මෙම සුවිශේෂී නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

මෙම නව විශේෂයට අදාළ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට සහ පිළිගත් විද්‍යා සඟරාවක් වන "ZooKeys" හි මේ වන විට පළ කර තිබෙනවා. පර්යේෂකයන් විසින් මෙම නව ජීවී විශේෂය නාමකරණය කර ඇත්තේ මෙලෙසයි.

විද්‍යාත්මක නාමය: Mus dumbara

ඉංග්‍රීසි නාමය: Dumbara valley spiny mouse

සිංහල නාමය: දුම්බර කටු හීන් මීයා

සාමාන්‍යයෙන් මෙම ගණයට අයත් මීයන් බහුතරයක් වියළි කලාපීය පරිසර පද්ධතිවලින් වාර්තා වුවද, මෙම නව විශේෂය තෙත් කලාපීය කඳුකර වනාන්තරයකින් හමුවීම සුවිශේෂී කරුණක් බවයි පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ.

දුම්බර ලෝක උරුම වනාන්තර සීමාවෙන් තවත් ආවේණික විශේෂයක් වාර්තා වීම එම පරිසර පද්ධතියේ ඇති අද්විතීය ජෛව විවිධත්වය නැවත වරක් තහවුරු කරන්නක් බව ද ඔවුහු අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයන් රැකගැනීමේ වැදගත්කම මෙමඟින් තවදුරටත් ඉස්මතු වනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top