ඉස්ලාම් දහමේ 5 වැනි මහා වගකීම.. ඇති නැති පරතරය නැති කරන හජ් උත්සවය අදට යෙදෙයි.
Thursday, 28 May 2026 - 8:37 | Views - 65
ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද (28) ඊදුල්-අල්හා හෙවත් හජ් උත්සවය ඉතාමත් භක්තිමත් අයුරින් සමරනවා.

ඉස්ලාමීය මාස ක්‍රමයට අනුව 'දුල් හජ්' මස දස වැනි දිනයේදී මෙම සුවිශේෂී ආගමික උත්සවය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව, අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන් තුළ තිබූ අචල භක්තිය හා අසමසම පරිත්‍යාගය මෙමඟින් සංකේතවත් කෙරෙනවා.

සෞදි අරාබියේ මක්කම නුවර ශුද්ධ වූ වන්දනාව මෙම කාල වකවානුව තුළ සිදුවන බැවින් ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් 5 වැන්න මෙන්ම අවසන් වගකීම ලෙසද සැලකෙනවා.

ලෝකවාසී මුස්ලිම් ජනතාව එකම ස්ථානයකට එකතු වී ඉටුකරන මෙම වන්දනාව තුළින් ඇති නැති පරතරය හා විවිධ භේද දුරලා සමානාත්මතාවය මෙන්ම සහෝදරත්වය ඇති කිරීම ප්‍රධාන අරමුණක් ලෙස ඉස්ලාම් දහමේ පෙන්වා දී තිබෙනවා.

අද දින ලංකාව ඇතුළු ලොව පුරා පිහිටි මුස්ලිම් දේවස්ථානවලදී විශේෂ ආගමික වතාවත් රැසක් සංවිධානය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top