වැලිකඩ OIC නීතියේ දැලට කොටු වෙයි.. පොලිසිය ඇතුළෙන්ම ඇසුණු අදහාගත නොහැකි පුවත..
Wednesday, 27 May 2026 - 14:57 | Views - 75
අන්තර්ජාල ජාවරමකට අදාළව අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර නිදහස් කිරිම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලූ බව කියන වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා (OIC) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මීට පෙර මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 90 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

ඔවුන් එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ රාජගිරිය ප්‍රදේශයේ රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා විවිධ ජාවාරම්වල නිරතව සිටියදීයි.

කෙසේවෙතත්, එම වැටලීමේදී චීන ජාතිකයින් 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් තිබෙනවා.

එලෙස පලාගිය පිරිසගේ විදෙස් ගමන් බලපත්‍ර නීති විරෝධී ලෙස තමන් සන්තකයේ තබා ගැනීම සහ ඒවා සාවද්‍ය පරිහරණය කිරීම යන බරපතළ චෝදනා ද මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ල වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top