වෙසක් සතිය අද සිට ඇරඹෙයි. රට පුරා ක්‍රියාත්මක වන විශේෂ තහනම මෙන්න.
මැයි මස 27 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම උත්කර්ෂවත් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක වන පරිදි විශේෂ තහනමක් පැනවීමට ද බලධාරීන් කටයුතු කළා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිල නිවේදනයකට අනුව මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මැයි මස 30, 31 හා ජුනි මස 01 යන තෙදින තුළ දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතුයි.
මීට අමතරව සුපිරි වෙළඳසැල් තුළ මස් මාංශ අලෙවි කිරීම, රේස් බුකි, කැසිනෝ ශාලා මෙන්ම සමාජ ශාලා (Clubs) ද අදාළ දිනවල වසා තැබිය යුතු බව එම නිවේදනයේ දැක්වෙන්නේ.
වෙසක් පුණ්‍ය මහෝත්සවයේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්, රට තුළ සාමය හා ආගමික වටපිටාව සුරැකීම සඳහා ආරක්ෂක අංශ සහ ප්‍රාදේශීය බලධාරීන් මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.