වෙසක් සතිය අද සිට ඇරඹෙයි. රට පුරා ක්‍රියාත්මක වන විශේෂ තහනම මෙන්න.
Wednesday, 27 May 2026 - 13:55 | Views - 104
මැයි මස 27 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම උත්කර්ෂවත් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක වන පරිදි විශේෂ තහනමක් පැනවීමට ද බලධාරීන් කටයුතු කළා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිල නිවේදනයකට අනුව මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මැයි මස 30, 31 හා ජුනි මස 01 යන තෙදින තුළ දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතුයි.

මීට අමතරව සුපිරි වෙළඳසැල් තුළ මස් මාංශ අලෙවි කිරීම, රේස් බුකි, කැසිනෝ ශාලා මෙන්ම සමාජ ශාලා (Clubs) ද අදාළ දිනවල වසා තැබිය යුතු බව එම නිවේදනයේ දැක්වෙන්නේ.

වෙසක් පුණ්‍ය මහෝත්සවයේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්, රට තුළ සාමය හා ආගමික වටපිටාව සුරැකීම සඳහා ආරක්ෂක අංශ සහ ප්‍රාදේශීය බලධාරීන් මේ වන විටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top